එක් අයෙකුට වැඩිපුර බඩගිනි දැනෙද්දි තවත් අයෙකුට එතරම් බඩගිනි නැති වෙන්න පුළුවන්. එක් එක්කෙනාට බඩගිනි දැනෙන තරම වෙනස් වගේම එක් එක්කෙනාට ලැබෙන කැඳ ප්‍රමාණත් වෙනස්.
එහෙම වුණාට වැඩිපුර බඩගිනි කෙනාට වැඩිපුර කැඳත් අඩුවෙන් බඩගිනි කෙනාට අඩුවෙන් කැඳත් හම්බවෙන්නෙ නම් නෑ. බඩගිනි කෙනෙකුගෙ කෝප්පෙ පතුලෙ කැඳ පොඩ්ඩක් තියෙද්දි බඩගිනි නැති කෙනෙකුගෙ කැඳ පිරිල ඉතිරිල යනව. තවත් කෙනෙකුගෙ කෝප්පෙ පිරිල තිබුණත් හොඳටම බඩගිනි වුණත් කැඳ බීල බඩගින්න නිවා ගන්න හැකියාවක් නැති වෙනව.
බුදු දහමට අනුව නම් එකිනෙකාට කැඳ හම්බවෙන තරම තීරණය වෙන්නෙ එකිනෙකාගෙ කර්ම ශක්තිය අනුවයි.
තවත් කෙනෙකුගෙ කෝප්පෙ තියන කැඳ ප්‍රමාණෙ තමන්ගෙ කෝප්පෙ තියන කැඳ ප්‍රමාණෙට සමාන වුණා කියල එයාගෙත් තමන්ගෙත් තත්ත්වය සමානයි කියන්න බැහැ. මොකද අනිත් කෙනාගෙ බඩගින්නෙ තරම ගැන අපි දන්නෙ නැති නිසා. ඒ නිසා තවත් කෙනෙකුගෙ බඩගින්න ගැන වත් කෝප්පෙ තියන කැඳ ප්‍රමාණ ගැන වත් විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ.
කැඳ ඇති වුණත් මදි වුණත් තමන්ගෙ කෝප්පෙ තියන කැඳ ටික බීල සෑහීමකට පත් වෙන්න සිද්ද වෙනව.
පින්තූරය - http://www.yummymummykitchen.com/2017/02/superfood-breakfast-quinoa-bowl-with.html?m=1
No comments:
Post a Comment