තනුවක් වෙලා දිවියෙහි කවි පද වැලට
දෙනුවන් ලෙසින් රැක ගති මා ගෙන ලඟට
වෙනුවෙන් ඇරුණු හද ගැඹරෙහි මගෙ නමට
උණුසුම දෙවැනි නැහැ වෙන අන් කිසිවකට
පවසා මුදු වදන් සෙනෙහසකින් යුතුව
මුව මත මගේ හසරැළි මල් වැල් එතුව
සුව පත් කළ මසිත, සිත-තුට නිති පැතුව
දවසැ'ර ගන්නෙ කොහොමද මම නුඹ නැතුව
No comments:
Post a Comment