මිනිස්සු අළු පාටයි.
හරියටම සුදුත් නැහැ, හරියටම කළුත් නැහැ.
සමහරු කළු පැත්තට බර වැඩි වෙද්දි සමහරු සුදු
පැත්තට.
කළු-වැඩි අයගේ සුදු පාට,
සමහර වෙලාවකදී සුදු-වැඩි අයගෙ සුදට වඩා දීප්තිමත්
ව බබලනව.
සුදු-වැඩි කෙනෙකුගෙ සමාගමයෙදි කළු-වැඩි කෙනෙක්
සුදු පාටට හැරෙනව.
අනිත් පැත්ත වුණත් එහෙම තමයි.
සමහර විට එකම කෙනා එකෙකෙනෙකුට සුදු පාටටත් තවත්
කෙනෙකුට කළු පාටටත් සලකනව.
එහෙම වෙන්නෙ ඒ අනිත් කෙනාගෙ පාටෙ හැටියටයි කියලයි
මට නම් හිතෙන්නෙ.
No comments:
Post a Comment