පහන් තරුව නැගෙනහිරින් - හිරුට කලින් එළිය දුන්න
සිහින් සරින් ගැයුණු ගීත - පවන් රොදක සඟව ගන්න
දැහැන් බිඳින නාරි ලතා - මල නටුවෙන් සිඳ දමන්න
වහන් වෙලා ඇස් මානෙන් - දුර අහසේ සැඟව යන්න
Wednesday, April 18, 2018
Tuesday, April 3, 2018
කතාවක්
උතුරුකරයෙදි
ශේන් යා බයවෙලා අඬනකොට
සීතලට කඳුළු වැල් මිදෙනකොට
බේරා ගත්තලු
නපුරු වලසුන් හත් දෙනාගෙන්.
සතර අතින් ම
සෙල්ලම් බඩු ගලාගෙන ඇවිදින්
ආයෙමත් යනකොට
තියා ගත්තලු ඉහ ඉද්දර
බූල් ඇති රෝස පාට වලසෙක්
තනි නොතනියට.
අන්තිමම මල් පෙත්තෙන්
ඉල්ලන්න දෙයක්
හිත හිතා යනකොට
වීත් යා නොහිටපු නිසා
ඉල්ලුවෙ
සීනිබෝල රාත්තල් බාගයක්
මොනවත් ම නැති කමට.
ආඩතාලෙට තියපු
පුටුවක් උඩ නැගල
ඈතින් පියාඹන
කුරුල්ලන් ගැණ බලද්දි
බිම වැටී බිඳී ගිය
අම්මගෙ හොඳම මල් පෝච්චිය,
තාමත් මම කෑලි අහුලනව
තිබුණ විදියට ආයෙමත් හදන්න.
Monday, April 2, 2018
සඳ මඬල නුඹ කොහි ද
හි රු ගෙ සැඬ රැස් කිරණ වැදී මුදු පත් මතට
තු රු ලතා මිලානව ගියා දුක් බර ලෙසට
හි රු ගිලී අවර'ගින් නිදන තුන් තිස් පැයට
සු රු වමට සඳ එළිය සිසිල විය ළොව වෙතට
මි ලි න වු ණ තුරු ලතා වෙත සුවය පෙව්වා
සු ව ඳ දෙ න කොඳ කැකුළු මලින් සැරසෙව්වා
මි හි රි ව න කුරුටු ගී සවනතට කැව්වා
ස ඳ කි ර ණ සවිය වී ජීවිතය මැව්වා
ස ඳ වතෙහි ගුණ වරුණ නොගැයුව ද නුඹට
හ ද වතෙහි ලියා ඇත නොමැත එහි කහට
අ ද අඳුරු අමාවක දිනකි නුබ ගැබට
ස ඳ මඬල එනු මැනවි නැවත පුර පසට
Subscribe to:
Posts (Atom)
ළබැඳියන් දුර වීමත් හදවත් නොහැඳිනීමත් කඳුළු සැඟවීමත් නොසිදුවිය යුතු දෙයකි කාටත් ගත සිත ගිලන් වීමත් නමුදු නැති බව මවා පෑමත් යුතු දෙයකි කෝමත් ව...